
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ව්‍යායාම මධ්‍යස්ථානයක් මෑතකදී දියත් කර ඇති බර අඩු කර ගැනීමේ අභියෝගයක් මේ වනවිට මතභේදයකට ලක්ව තිබේ.
එම අභියෝගය වන්නේ මාස තුනකින් කිලෝග්‍රෑම් 50ක් සාර්ථකව අඩු කර ගන්නා ඕනෑම කෙනෙකුට සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස ලබා දීමයි.
මෙම ප්‍රවර්ධනයට සැළකිව යුතු උනන්දුවක් ඇති බව අන්තර්ජාලය ඔස්සේ පෙනීගොස් ඇතත් කෙටි කාලයක් තුළ අධික ලෙස බර අඩු කර ගැනීමේ අන්තරායන් පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන් බරපතළ කණස්සල්ල පළ කර තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා, චීනයේ උතුරු දිගින් පිහිටි ෂැන්ඩොං පළාතේ බින්ෂෝ හි ව්‍යායාම මධ්‍යස්ථානයක්, මෙම බර අඩු කර ගැනීමේ අභියෝගය අන්තර්ජාලය හරහා නිවේදනය කළ අතර, ඊට ඉක්මනින් විශාල අවධානයක් ලැබිණි.
ප්‍රවර්ධන පෝස්ටරයට අනුව, මාස තුනක් ඇතුළත කිලෝග්‍රෑම් 50ක් අඩු කර ගත හැකි ඕනෑම කෙනෙකුට ත්‍යාගයක් ලෙස සුඛෝපභෝගී පෝර්ෂේ පැනමෙරා රථයක් දෙන බවට ව්‍යායාම මධ්‍යස්ථානය පොරොන්දු වී තිබේ.
මෙම නිෂ්පාදන පෙළේ නවතම පෝර්ෂේ මාදිලියේ චීනය තුළ ආරම්භක මිල යුවාන් මිලියන 1.1ක් (අමෙරිකානු ඩොලර් 155,000) පමණ වේ.
“අභියෝගය සැබෑවක්. දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා, 30 දෙනෙකුගෙන් පස්සේ ලියාපදිංචිය අවසන් වනවා. මේ වන විට පුද්ගලයන් හත් දෙනෙකු හෝ අට දෙනෙකු පමණ ලියාපදිංචි වී සිටිනවා” යනුවෙන් යෝග්‍යතා පුහුණුකරුවකු පවසා තිබිණි.
ලියාපදිංචි ගාස්තුව යුවාන් 10,000ක් (අමෙරිකානු ඩොලර් 1,400) වන අතර එය සම්පූර්ණයෙන්ම සංවෘත පුහුණු පරිසරයක ආහාර සහ නවාතැන් ආවරණය කරයි.
කෙසේවෙතත්, බර අඩු කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පුහුණු ක්‍රමය, ආහාර සැලසුම් සහ නිර්ණායක පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණ කර නොමැත.
පිරිනමනු ලබන පෝර්ෂේ රථය ව්‍යායාම මධ්‍යස්ථානයේ හිමිකරුට අයත් එකකි.
එය ඔහු වසර ගණනාවක් භාවිත කළ 2020 මාදිලියක් බවත් එය නව මෝටර් රථයක් නොවන බවත් වැන්ග් සඳහන් කළේය.
කෙසේවෙතත් අධික බර අඩු කර ගැනීමේ වැඩසටහන් වෛද්‍ය ගැටළු ඇති කර තිබේ.
Weibo හි මිලියන 3.5කට ආසන්න අනුගාමිකයන් සිටින ‘ආචාර්ය සෙන්ග්’ ලෙස හඳුන්වන වෛද්‍ය බලපෑම්කරුවකු, එවැනි වේගවත් බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියේ අන්තරායන් ගැන අනතුරු ඇඟවූ අතර වේගයෙන් බර අඩු කර ගැනීම හා සම්බන්ධ විය හැකි සෞඛ්‍ය අවදානම් අවධාරණය කළේය.
“දිනකට කිලෝග්‍රෑම් 0.5ක් අඩු කර ගැනීම ඉතා වේගවත්” ඔහු අනතුරු ඇඟවීය.
“කෙනෙක් අධික බරින් යුක්ත නැත්නම්, මෙම වේගය මේදය අඩුවීමට වඩා මාංශ පේශි අහිමි වීමට හේතු වනවා. එය කාන්තාවන් තුළ හෝමෝන අසමතුලිතතාව, හිසකෙස් නැතිවීම සහ ඇමෙනෝරියා පවා ඇති කළ හැකියි. සතියකට කිලෝග්‍රෑම් 0.5ක් පමණ අඩු කර ගැනීම නම් ආරක්ෂිත ඉලක්කයක්.” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart