
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩිජිටල්කරණයට අකමැති නිලධාරීන් එම ක්ෂේත්රවලින් ඉවත් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේදීය.
වාර්තාව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.
“මෙම කටයුතුවලදි ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා. යම් අයෙකු ඊට අකමැති නම් ඔවුන් එම අංශවලින් ඉවත් විය යුතුයි. මොකද ඩිජිටලකරණයට කාලසීමාවක් ලබාදෙමින් ඒ අනුව ක්‍රියාත්මක විමට මම අපේක්ෂා කරනවා. එහි අඩු පාඩු සිදු වුවහොත් ඊට අදාළ පියවර ගැනිමට සිදු වෙනවා. විශේෂයෙන්ම අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය සකස් කළයුතුයි. විගණන පනත තුළත් ඒ සඳහා නව නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.
මේ පිළිබඳ කැමරන් අගමැතිවරයා යටතේ කටයුතු කළ ඇමැතිවරයා තමයි ෆ්‍රැන්සිස් මෝඩ් මහතා. මෙම අංශයේ ප්රතිසංස්කණය පිළිබඳ අදහස් ලබා ගැනීමට අපි එතුමාටත් ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart