
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දවස්වල UK වල (එක්සත් රාජධානිය) ඉස්කෝල නිවාඩු කාලේ හින්දා හැමෝම ට්‍රැවල් කරන්න සෙට් වෙනවානේ. හැබැයි මෙන්න ලංකාවේ අපිටත් වැදගත් වෙන, ප්ලේන් එකේ යනකොට දැනගන්නම ඕන පිස්සු හැදෙන සීන් එකක් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අනතුරු ඇඟවීමක් විදිහට කියලා තියෙනවා.
දැන් කාලේ සාමාන්‍ය මනුස්සයෙක් ප්ලේන් එකකට නගින්නේ අඩුම ගා ලිණේතියම් බැටරි තියෙන ගැජට් ජාති 4ක්වත් අරගෙනලු. ලැප්ටොප්, පවර් බෑන්ක්, වේප් (vapes), ස්මාර්ට් වොච් වගේ හැම ලබ්බකම තියෙන්නේ මේ බැටරි තමයි. හැබැයි මේවා ප්ලේන් එකේ අපි ලගේජ් එකට දාලා බාර දෙන ලොකු බෑග් අස්සේ දාන්න සපුරා තහනම්.
මොකද දන්නවාද? මේ ලිතියම් බැටරි ඕවර්හීට් වුණොත් හරි, මොකක් හරි ඩැමේජ් එකක් තිබ්බොත් හරි පට්ට ස්පීඩ් එකෙන් පැතිරෙන බිහිසුණු ගින්නක් ඇතිවෙන්න පුළුවන්. 2024 අවුරුද්දේ බෑග් අස්සේ තිබ්බ මේ වගේ කේස් 316ක් අහුවෙලා තියෙනවා, හැබැයි 2025 වෙද්දි ඒක 643ක් වෙනකම් ඩබල් වෙලා. ගිය මාසේ ‘EasyJet’ ප්ලේන් එකක එකෙක් හොරෙන් පවර් බෑන්ක් එකක් බෑග් එකක දාලා, ඒක හින්දා ප්ලේන් එක රෝමයට ඩයිවර්ට් කරන්නත් වුණාලු. පහුගිය ඔක්තෝබර්වල Air China ප්ලේන් එකක උඩ බෑග් දාන තැනින් ගිනිදැල් පිටවෙන වීඩියෝ එකක් ෆේස්බුක්, ටික්ටොක් එකේ වෛරල් වුණෙත් මේ බැටරි හින්දමයි.
ඒ හින්දා ඔන්න මතක තියාගන්න ඕන රූල්ස් ටිකක් තියෙනවා:
– ෆෝන්, වේප්, පවර් බෑන්ක් හැමදේම තමන් ළඟ තියාගන්න හැන්ඩ් බෑග් එකටම දාන්න.
– එක්කෙනෙකුට ප්ලේන් එකට ගෙනියන්න පුළුවන් පවර් බෑන්ක් 2ක් විතරයි, ඒවා ප්ලේන් එක ඇතුළේ චාර්ජ් කරන්න තහනම්.
– ලැප්ටොප් ලොකු බෑග් එකට දානවා නම් සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරලම දාන්න.
විශේෂයෙන්ම තුන්වැනි පාර්ශව අලෙවිකරුවන්ගෙන් ගන්න බාල බඩු හින්දා තමයි මේ වගේ දරුණු ගිනිගැනීම් වෙන්නේ.
ඒ හින්දා ෂේප් එකේ ෆන් එකේ ට්‍රැවල් කරන්න ඕන නම්, මේවා ලගේජ් බෑග් අස්සේ ඔබලා ප්ලේන් එකත් ඩිලේ කරලා චාටර් වෙන්නේ නැතුව පරිස්සමෙන් අරන් යන්න වගබලාගන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart