
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනකරුවන් විසින් ආනයනික ලුණු වැඩි මිලකට විකිණීමට උත්සාහ කළහොත්, මෙම සතිය වන විට ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කිරීමට රජයට සිදුවන බවට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ජනමාධ්‍ය අමතමින් අමාත්‍ය සමරසිංහ පැවසුවේ, දේශීය වෙළඳපොළේ ඇති හිඟය හේතුවෙන් රජය ලුණු ආනයනය කිරීමට අවසර දුන් නමුත්, ආනයනකරුවන්ට ලාභය මත පදනම්ව ඉහළ මිලකට එය විකිණීමට අවසර නොදුන් බවත්ය.
රජය විසින් පනවන ලද 40% බද්ද සමඟ ආනයනික ලුණු කිලෝවක් රු.77ක් වන බව ඔහු හෙළිකළේය.
කිලෝවක් රු. 80 කට මිල නියම කළ විට, තොග වෙළෙන්දන්ට රු.10, 20 හෝ 30 ක ලාභයක් තබාගැනීමට අවසර ලැබේ. එහෙත් මෙම මිලෙන් ඔබ්බට නොවන බව ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත්, ආනයනකරුවන් මෙම හිඟය නිසා ජාවාරමක් ඇති කිරීමට උත්සාහ කරන්නේ නම්, එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවන ලෙස ඔවුන්ට අනතුරු අඟවන බවත්, එය දිගටම පැවතුණහොත් රජයට උපරිම සිල්ලර මිලක් පැනවීමට සිදුවනු ඇතැයිද ඔහු කියයි.
රු.80 ක් වටිනා ආනයනික ලුණු කිලෝවක් රු. 250 කට විකිණීමට උත්සාහ නොකරන ලෙස ඇමතිවරයා තවදුරටත් පැවැසීය.
ආනයනික ලුණු රු. 110 කට හෝ රු. 120 කට අලෙවි කිරීම ගැටළුවක් නොවන බවත්, එම ලාභය ප්‍රමාණවත් බවත්, ලුණු ආනයනය කිරීමට අවසර දී ඇත්තේ වත්මන් හිඟය පියවා ගැනීමට පමණක් බවත් හෙතෙම පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart