
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගතහොත්, මෝසමක් මගින් එම තීරණය අධිකරණයට දැනුම්දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (24) අභියාචනාධිකරණයට දැනුම්දුන් බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මෙම කරුණු ඉදිරිපත් කළේ, උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදීය.
සැප්තැම්බර් 12 වැනි දින, රහස් පොලිසිය අභියාචනාධිකරණයට දැනුම්දුන්නේ, ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
රහස් පොලිසිය නියෝජනය කරන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට කියාසිටියේ එම අවස්ථාවේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණයක් ගෙන නොමැති බවත්, පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවත්, ඉන් පසුව අවසන් තීරණයක් ගන්නා බවත්ය.
උදය ගම්මන්පිල සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (ICCPR) විධිවිධාන පෙන්වාදෙමින් සිය පෙත්සම ගොනුකර ඇත්තේ, ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ය.
ඔහුගේ නීතිඥයන් හරහා ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා සහ තවත් කිහිපදෙනකු වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart