June 9, 2026

අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරනු ලබයි.

හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සේවය ගරු සේවයක් බවත්, ඔවුන් එම සේවය දවසේ ඕනෑම වේලාවක ලබා දිය යුතු වේ.

මියගිය පුද්ගලයන්ගේ ඥාතින් පසුවන සංවේදී මානසික තත්වය උපයෝගි කර ගනිමින් ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් එම ඥාතීන්ගෙන් අල්ලස් ලෙස මුදල් මෙන්ම වෙනත් වරදාන සහ වරප්‍රසාද ලබාගන්නා බවට පැමිණිලි ලැබී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා ඔවුන්ට මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලබාදීම නීතිවිරෝධි වන බැවින් එවැනි ප්‍රතිලාභයක් ඉල්ලා සිටියහොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 0702724637 (වට්ස් ඇප්) අංකයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 අංකය වෙත දැනුම්දිය හැක.