
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ – 02 ලිලී වීදියේ අංක 25 හි පිහිටි කීර්තිමත් ‘විසුම්පාය’ දේපළ දීර්ඝ කාලීන බදු පදනම මත Azotels සහ Hunas Holdings PLC සමාගමට ලබාදීමට ගිවිසුමක් අත්සන් කර ඇත.
කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති අක්කර 04 කින් යුත් ‘විසුම්පාය’ දේපළ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ නිල නිවසක් ලෙස සැළකිව යුතු ඓතිහාසික වටිනාකමක් දරයි.
මෙම යටත් විජිත මන්දිරය ඉදිකර ඇත්තේ මීට වසර 190කට පමණ පෙරදීය.
මුලින් ‘ඇක්ලන්ඩ් හවුස්’ ලෙස නම් කර තිබූ, ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ නිල නිවස්නය ලෙස භාවිත කරන ලද මෙම දේපළ පසුව එම යුගයේ වාණිජ වෙළඳාමේ ප්‍රමුඛ ආයතනයක් වූ කලම්බු කොමර්ෂල් සමාගමේ කළමනාකරුගේ නිල නිවාසය සහ කාර්යාලය බවට පත්විය.
1970 ගණන්වල ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත යටතේ ජනසතු කිරීමෙන් පසුව, මෙම දේපළ රජයට පවරා දී රාජ්‍ය අමුත්තන්ගේ නිවසක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරාදෙනු ලැබීය.
‘විසුම්පාය’ ලෙස නම් කරන ලද එය, එතැන් සිට 1990 දී ජපාන අගමැතිවරයාට ගෞරව දැක්වීම සඳහා පවත්වන ලද පළමු රාජ්‍ය භෝජන සංග්‍රහය ඇතුළු වැදගත් සිදුවීම් රාශියකට සත්කාරකත්වය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart