August 7, 2024

රුපියල් මිලියන 50කට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් කටුනායක කන්ටේනර් අංගනයකින් අද අත්අඩංගුවට ගැනිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සහ ගෝනහේන STF කඳවුරට අනුයුක්ත නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි සිට ගුවන් තැපෑලෙන් එවා තිබූ පරිගණක උපාංග අඩංගු පාර්සල් 63ක කිලෝ 5යි ග්‍රෑම් 112ක් බරැති මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත.

ඩුබායි නිපුණා නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙම පාර්සලය එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.