
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී (සඳුදා) ICC චර්යා සංග්‍රහයේ 1 වන මට්ටමේ විනය කඩකිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට නිල වශයෙන් අවවාද කර තිබේ.
අන්තර්ජාතික තරගයක් අතරතුර ‘ක්‍රිකට් උපකරණ, ඇඳුම් පැළඳුම්, ක්‍රීඩාංගණ උපකරණ හෝ සවි කිරීම්වලට හානි කිරීම හෝ අයථා ලෙස භාවිත කිරීම’ සම්බන්ධයෙන් වන ICC චර්යා සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයසූරිය වරදකරු වී ඇත.
මීට අමතරව, ජයසූරියගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් (Demerit point) එකතු කර ඇති අතර, මාස 24ක කාලයක් තුළ ඔහු සිදුකළ පළමු විනය කඩකිරීම මෙයයි.
දෙවැනි දිනයේ අවසන් පන්දුවෙන් ජයසූරිය දැවී යාමෙන් පසු ආපසු විවේකාගාරය දෙසට ගමන් කරද්දී, තම පිත්තෙන් සීමා මායිම් ආවරණ (boundary wedges) වෙත පහරදීම හේතුවෙන් මෙම සිදුවීම වාර්තා විය.
ICC විනිසුරු මණ්ඩලයේ තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් යෝජනා කරන ලද මෙම දඬුවම සහ වරද ප්‍රභාත් ජයසූරිය පිළිගත් බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවීය.
පිටියේ විනිසුරුවන් වන අහ්සාන් රාසා සහ ෂර්ෆුද්දවුලා ඉබ්නේ ෂාහිඩ්, තෙවැනි විනිසුරු රොඩ් ටකර් සහ සිව්වැනි විනිසුරු ප්‍රගීත් රඹුක්වැල්ල විසින් මෙම චෝදනාව එල්ල කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart