
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරගාවලි සඳහා තරඟ කරන පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට සමාන ත්‍යාග මුදලක් ඉදිරියේදී ලැබෙනු ඇතැයි ඊයේ(13) නිවේදනය කෙරිණි.
ඩර්බන් හි පැවති ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.
“මෙය අපගේ ක්‍රීඩා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් වන අතර ICC ගෝලීය ඉසව් සඳහා තරඟ කරන පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැන් එක හා සමානව ත්‍යාග පිරිනැමීම ගැන මම සතුටු වෙනවා,” ICC සභාපති ග්‍රේග් බාක්ලි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“2017 වසරේ සිට අපි සෑම වසරකම කාන්තා ඉසව්වල ත්‍යාග මුදල වැඩි කර ඇත්තේ සමාන ත්‍යාග මුදල් කරා ළඟාවීම කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමිනි. මෙතැන් සිට, ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේදී ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමාන ත්‍යාග මුදලක් ලබාදෙන අතර, විස්සයි 20 ලෝක කුසලාන සහ 19 න් පහළ සඳහා ද එවැනි සමාන මුදල් ත්‍යාග ලබා දෙනු ඇත” යැයි හෙතෙම සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාව මෙම වසර මුලදී කාන්තා විස්සයි 20 ලෝක කුසලානය දිනාගත් අතර ඩොලර් මිලියනයක ත්‍යාග මුදල එම කණ්ඩායමට හිමිවූ අතර, අනුශූරියන් වූ දකුණු අප්‍රිකාවට ඩොලර් 500,000ක් හිමි විය.
මීට ප්රතිවිරුද්ධව, පසුගිය වසරේ නොවැම්බරයේ විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු එංගලන්ත පිරිමි කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක් ලැබුණු අතර අනු ශුරතාව ලබාගත් පාකිස්තානයට ඩොලර් 800,000 ක් හිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart