
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී සිටින පුද්ගලයකු එම ඝාතනය පිළිගෙන තිබේ.
NHK ගුවන් විදුලි නාලිකාවට අනුව “මම එය කළ බව සත්‍යයක්,” යනුවෙන් නඩු පවරන්නන් විසින් කියවන ලද චෝදනා පිළිගත් 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි පැවසීය.
කළු පැහැති ටී ෂර්ට් ඇඳුමක් සහ අළු පැහැති කලිසමක් ඇඳ සිටි ඔහු දිගු කොණ්ඩය පෝනිටේල් එකකින් බැඳගෙන නාරා දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටියේය.
ඔහු 2022 ජූලි මාසයේදී ජපානයේ බටහිර නගරයක් වන නාරා හි මැතිවරණ කතාවක් අතරතුර දේශීය ගිනි අවියකින් අබේට වෙඩි තැබූ බවට චෝදනා එල්ල විය.
යමගාමි මතභේදාත්මක ආගමික ව්‍යාපාරයක් වන යුනිෆිකේෂන් පල්ලියට එරෙහිව වෛරයක් ඇති කර ගත් අයකු වන අතර, එම පල්ලියට අබේ සහ අනෙකුත් ජපන් දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා ඇති බව ඔහු විශ්වාස කළේය.
1953 දී කොරියානු යුද්ධය අවසන් වී වසරකට පසු දකුණු කොරියාවේ ආරම්භ කරන ලද එම පල්ලියට ඔහුගේ මව කළ දැවැන්ත පරිත්‍යාග ඔහුගේ පවුලේ මූල්‍ය බිඳවැටීමට හේතු වූ බව ඔහු නිලධාරීන්ට පවසා තිබේ.
අධිකරණ විභාගය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජපාන සංචාරයට සමගාමීව සිදු වූ අතර, ඔහු ෂින්සෝ අබේව ‘මගේ හොඳ මිතුරෙකු සහ ඔබේ හොඳ මිතුරෙකු’ ලෙස හැඳින්වීය.
2016 මැතිවරණ ජයග්රහණයෙන් පසු ට්‍රම්ප් හමුවූ පළමු විදේශීය නායකයා ඔහු වූ අතර, මෙම දෙපළ සමීප බැඳීමක් ඇති කර ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart