
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටෘත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිට අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.
එමගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, දැනට ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට ක්‍රියානොකරන බවයි.
කමේනි සැගව සිටින ස්ථානය තමන් දන්නා බවත් එම ස්ථානය කමේනිට දැනට ආරක්ෂිත බවත් ට්‍රම්ප් පවසා තිබේ.
එමෙන්ම කමේනි යනු අමෙරිකාවට පහසු ඉලක්කයක් බව ද ට්‍රම්ප් පවසයි.
එක්සත් ජනපදයට ඔහුව ඝාතනය කළ හැකි බවත්, නමුත් දැනට එසේ කිරීමෙන් වැළකී සිටින බවත් ට්‍රම්ප් පවසයි.
ඔවුන් එය නොකිරීමට තෝරාගන්නා එකම හේතුව ඇමරිකානු සිවිල් වැසියන්ට සහ හමුදාවන්ට එරෙහිව කිසිදු පළිගැනීමේ ප්‍රහාරයක් මෙතෙක් ඉරානයෙන් එල්ල නොවීමයි.
එහෙත් ඔහු පවසා ඇත්තේ ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවයි.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයේ සන්නද්ධ හමුදාවේ හදිසි අණදෙන නිලධාරි සහ පාලන තන්ත්රයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නායකයා වන අලි ෂද්මනි මියගොස් තිබේ.
ඔහු ඉරාන හමුදාවේ නව නායකයා ලෙස කටයුතු කළ අතර, ඔහු එම තනතුරට පත්කර ඇත්තේ මීට දවස් 06 කට කළින් බව වාර්තා වේ.
ඒ හිටපු හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේම ඉකුත් 13 වනදා ඝාතනයට ලක්විමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart