
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලින් නිකුත් කෙරුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කර ඇත.
‘ලංකාදීප’ අනාවරණය කරන ආකාරයට, මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙති.
ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම විශාල ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
පාර්ලිමේන්තුවේ එකම වාහනයක් හෝ ලබාගෙන නැති නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම සිටින බවද මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් කාලයක් තිස්සේ ලැබිණ. එහෙත් රටේ පවතින ආර්ථික තත්වය මත එම වාහන බලපත්‍රය නිකුත් කිරීම මීට වසර නවයකට පමණ පෙර සිට නතර කෙරිණ. අවසන් වරට බලපත්‍රය නිකුත්කර ඇත්තේ 2015 වර්ෂයේදීය.
මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදෙන්නැයි පසුගිය කාලය පුරා වරින්වර ඉල්ලීම් කළද රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත්තේය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඉල්ලීම් කතා කෙරෙන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවද මාස ගණනාවකින්ම රැස්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කර ගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.
වාහන බලපත්‍රය නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කරවී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වාදෙති.
ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිපදෙනකු දැනටමත් ප්‍රකාශ කර ඇත.
රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන්කිරීම මුදල් අමාත්‍යංශය තාවකාලික අත්හිටුවා ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කර ඇති විමසුමකදී ඔහු පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයට නිතර පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කරන බවද ඔහු සඳහන් කර ඇත.
මේ අතර, අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගීවීමද සීමාකර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart