
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පැවැති එල්.ටී.ටී.ඊ. විරෝධී යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අක්‍රමිකතා පිළිබඳ සියලු චෝදනා හිටපු හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නැවතත් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දියාවේ Impact Stories වැඩසටහන සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ තමාට එරෙහිව ඇති නිශ්චිත චෝදනාවලට මුහුණදීමට සහ පිළිතුරුදීමට තමා සූදානම් බවයි.
අන්තර්ජාතික ප්‍රජාව විසින් තමාට එරෙහිව සම්බාධක පැනවීමට පදනම් වූ කරුණු මොනවාදැයි ප්‍රශ්න කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, “මම යුධ අපරාධකරුවෙක් නෙවෙයි, මම කළේ මගේ රට වෙනුවෙන් සටන් කිරීමයි” යනුවෙන් ප්‍රකාශ කරයි.
යම් හෙයකින් තමා හමුදා නීතිය උල්ලංඝනය කර ඇත්නම්, ඊට අදාළ නීතිමය රාමුව යටතේ පරීක්ෂණ පවත්වා දඬුවම් දිය යුතුව තිබූ බව ද ඔහු පෙන්වාසෙයි.
2020 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සමීපතමයින්ට ගමන් තහනම් පැනවූ අතර, 2025 වසරේදී එක්සත් රාජධානිය ද ඔහුට එරෙහිව සම්බාධක පැනවීමට පියවර ගත්තේය. මෙම සම්බාධක පැනවීමට හේතු වූ නිශ්චිත කරුණු මොනවාදැයි තමා නිරන්තරයෙන් විමසා සිටියද ඊට පැහැදිලි පිළිතුරක් ලැබී නැති බව හිටපු හමුදාපතිවරයා සඳහන් කරයි.
2009 වසරේ පැවැති අවසන් යුද සමයේදී 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකා හමුදාව ඉතා වෘත්තීය මට්ටමින් සටන් කළ අතර සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට උපරිමයෙන් කටයුතු කළ බවයි.
අවසන් මෙහෙයුමේදී සිය සේනාංකය මගින් සිවිල් වැසියන් 123,000කට වැඩි පිරිසක් මුදාගත් බව ඔහු සඳහන් කළේය.
යුද්ධය අවසානයේ භාරවූ 12,000ක් පමණ වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් 75%කට වැඩි පිරිසක් භාරවූයේ තම සේනාංකයට බවත්, ඔවුන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.
වටලෑමේ මෙහෙයුමකදී මියගිය එල්.ටී.ටී.ඊ. උතුර අණදෙන නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සිටි බව උදාහරණයකට දක්වමින් ඔහු කියාසිටියේ, සටන්කාමීන් සිවිල් ඇඳුමින් සිටීම නිසා බොහෝ විට මියගිය අය සිවිල් වැසියන් ලෙස වැරදියට ගණන් බැලූ බවයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ බවත්, ඔවුන් අදාළ ප්‍රදේශවලින් පිටවීම වැළැක්වූ බවත් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.
එමෙන්ම, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හමුදාවේ පාර්ශ්වය අන්තර්ජාතික ප්‍රජාව වෙත නිසි ලෙස ඉදිරිපත් කිරීමට පසුගිය පාලනයන් අපොහොසත් වීම නිසා මෙවැනි චෝදනා වර්ධනය වූ බවට ද ඔහු චෝදනා කරයි.
තමාට හෝ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව චෝදනා එල්ල කරන අන්තර්ජාතික සංවිධානවලට සහ රජයන්ට සෘජු සංවාදයකට පැමිණෙන ලෙස ඇරයුම් කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නිශ්චිත වේලාවන් සහ සිදුවීම් ඉදිරිපත් කරන්නේ නම් ඊට පැහැදිලි කිරීම් ලබාදීමට සූදානම් බවත්, යම් වරදක් සිදුව ඇත්නම් එය පිළිගැනීමට ද සූදානම් බවත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart