
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කරන්දෙණිය – ගුරුබැබිල ප්‍රදේශයේ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියා ඝාතනය කර තිබේ.
දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අද (03) අලුයම නිවස තුළ දී මෙම ඝාතනය සිදු ව ඇති බව වාර්තා සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි එක්දරු පියෙකු බව වාර්තා වේ.
ඝාතනය සිදුකළ කාන්තාව කරන්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දෙදෙනා අතර නිරන්තරයෙන් මෙවැනි ආරවුල් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී කරන්දෙණිය පොලිසියට පැමිණිලි ද ඉදිරිපත් කර ඇති බවද පැවැසේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart