May 1, 2024

බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන පුද්ගලයකු පාන්දර නිවසේ බිරිඳ සමග සිටිනවා දැක කෝපයට පත් සැමියා අනියම් පුරුෂයාට මන්නයකින් පහර දී ඊයේ (30දා) ඝාතනය කර ඇතැයි ඌරගස්මං හන්දිය පොලිසිය පවසයි.

ඌරගස්මං හන්දිය පොලිස් වසමේ 95 බී ගුරුහේන්ගොඩ රන්තොටුවිල ප්‍රදේශයේ සිදුවූ මෙම ඝාතනයෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.

මන්නා පිහිපාර කා තුවාල ලැබූ සැකකරු ඌරගස්මං හන්දිය රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධව මියගිය පුද්ගලයා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වන පුද්ගලයා ඊයේ (30 දා) අලුයම තුනට පමණ තමා නිවසට එනවිට බිරිඳ සමග නිවසේ සිටිනවා දැක කෝපයට පත්ව ඔහුට මන්නයෙන් පහර දුන් බව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා තිබේ.

ඌරගස්මං හන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.