
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාලයේ රසුවා කලාපය හරහා ගලාබසින බෝත්කෝෂි ගඟේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විදේශිකයන් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 93 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 400 දෙනෙකු අතුරුදන් වී ඇති බව නේපාල සංචාරක මණ්ඩලය වාර්තා කරයි.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පුද්ගලයන් අට දෙනෙකු මියගොස් ඇති අතර, අතුරුදහන් වූවන් අතර ඉන්දියානු ජාතිකයන් 105 දෙනෙකු ද වන බව පැවසේ.
නේපාල වේලාවෙන් පෙරවරු 9 ට පමණ චීන මායිම් දෙසින් පැමිණි අධික ජල කඳක් සමග මෙම හදිසි ගංවතුර හටගෙන තිබේ.
ගංවතුරින් රසුවා දිස්ත්‍රික්කයේ තිමුරේ සහ සියෆ්රූබේසි යන ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශන මගින් ජල පහරේ සැඩ බව සහ සිදුව ඇති දැවැන්ත විනාශය පැහැදිලිව නිරූපණය වේ. එක් වීඩියෝවක දැක්වෙන්නේ සැඩ පහරට හසුවූ පාලමක මැද කොටස තත්පර කිහිපයක් ඇතුළත කැඩී වෙන්ව ගසාගෙන යන ආකාරයයි. නේපාල පොලිසිය විසින් නිකුත් කරන ලද තවත් වීඩියෝවක නිවාස රැසක් කඩා වැටෙන ආකාරය දැක්වේ.
එසේම, නේපාල – ටිබෙට් මායිමේ පිහිටි රසුවාගධි ආගමන විගමන මධ්‍යස්ථානයේ සවිකර තිබූ සීසීටීවී (CCTV) කැමරාවක සටහන් වූ දර්ශන පෙළක් ද මේ වන විට දැඩි අවධානයට ලක්ව ඇත. විශාල ජල කඳක් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල දෙසට කඩාවැදීමත් සමග සිය ගණනක් ජනතාව දිවි බේරාගැනීමට ආරක්ෂිත ස්ථාන දෙසට දිවයන අයුරු එහි සටහන්ව තිබේ.
මේ අතර නේපාල පොලිසිය සහ නේපාල හමුදාව එක්ව විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි. පවතින ආපදා තත්ත්වය, සිදුවූ හානිය සහ ඉදිරි මුදාගැනීමේ කටයුතු පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂාගේ ප්‍රධානත්වයෙන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ද කැඳවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart