
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රොබෝ තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍රයේ ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් රොබෝවක මතුපිට සැබෑ සජීවී සම් පටකවලින් ආවරණය කිරීමේ ක්‍රමයක් සොයාගෙන තිබේ.
ඔවුන් පවසන්නේ මෙය හුදෙක් රොබෝවරුන්ගේ බාහිර ආකර්ෂණය වැඩි දියුණු කිරීමෙන් ඔබ්බට යන්නක් බවයි.
එය මානව පරිසරයට බාධාවකින් තොරව සම්බන්ධ විය හැකි එහෙත් ස්වාභාවිකතත්වයට වඩාත් නැඹුරු, කෘත්‍රිමව නිපදවන ශරීර කොටස් හා රොබෝවරුන් සඳහා මග පාදනු ඇත.
Biohybrid Systems Laboratory හි මහාචාර්ය Shoji Takeuchiගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ කෘත්‍රිම හා ජීව විද්‍යාත්මක පද්ධති අතර පරතරය අවම කිරීම කෙරෙහිය.
එය සෞඛ්‍ය ආරක්ෂණයේ සිට මානව-රොබෝ අන්තර්ක්‍රියා දක්වා අංශවල විප්ලවයක් ඇති කිරීමට හේතුවනු ඇත.
මිනිස් සම ඊට යටින් පවතින පටකවලට සම්බන්ධ වන ආකාරය අනුව සකසන ලද ව්‍යුහයන් භාවිත කරමින් සිදුරු ආකාරයේ ආධාරක රොබෝවට සම්බන්ධ කිරීම මෙහිදී අනුගමනය කර ඇති ක්‍රමවේදයයි.
මෙම ආධාරක මගින් රොබෝවේ මතුපිටට හා ඒ අවට සජීවී පටක වර්ධනය වීමට ඉඩ සලසන අතර ආරක්ෂිත බන්ධනයක් ද නිර්මාණය කරයි.
මෙම තාක්ෂණයේ වඩාත් ආකර්ෂණීය නිරූපණයක් වන්නේ මිනිස් මුහුණේ ඉරියව් අනුකරණය කළ හැකි ජීව පටකවලින් ආවරණය වූ රොබෝ මුහුණක් සකස්කිරීමට හැකි වීමයි.
ඒ සඳහා යොදාගන්නා සිලිකොන් ස්ථරය චර්ම අභ්‍යන්තර පටක අනුකරණය කරන නිසා වඩාත් යථාර්ථවාදී මුහුණු ඉරියව් ඇතිකිරීමට දායක වේ.
කෙසේවෙතත්, රොබෝවක් සඳහා සජීවී පටක ලබා ගැනීමේ ක්‍රියාවලිය අභියෝගවලින් පිරි එකකි.
මෙම පෙරළිකාර තාක්‍ෂණය කෘත්‍රිම හා මානවරූපී රොබෝ තාක්ෂණ ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට දායක වනු ඇත.
එනම් කෘත්‍රිම අත් පා සැබෑ සමට සමාන හෝ මිනිසුන් සමඟ වඩාත් ස්වාභාවික ආකාරයෙන් අන්තර් ක්‍රියා කළ හැකි රොබෝවරු බිහි කිරීමට මෙමගින් හැකිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart