
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල නායකයකු බව කියන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව, අවුරුදු 2 මාස 8 කට වැඩි කාලයක් කිසිදු විමර්ශනයකින් හෝ චෝදනාවකින් තොරව නඳුන් චින්තක(හරක් කටා) නීතිවිරෝධී ලෙසෙ ත්රස්ත විමර්ශන කොට්ටශයේ රඳවා තබාගැනීම පිළිබඳව මෙම විමර්ශනය අරඹා තිබේ.
2025/10/21 දින ශ්රීලංකා මානව හිමිකම් කොමිසමට සිදුකරන ලද අංක HRC/3701/25 දරන පැමිණිල්ලට අදාළව එම කොමිසම විසින් මෙම විමර්ශනය අරඹා ඇති අතර, ඊට අදාළව සවිස්තර වාර්තාවක් වහාම කොමිසම වෙත ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart