January 12, 2024

ගල්කිස්ස පොලිස් ස්ථානයේදී පසුගියදා රැඳවියකු මියගොස් ඇති අතර, මියගිය තැනැත්තාගේ මරණය සැකසහිත බව ඔහුගේ සහෝදරිය චෝදනා කරයි.

මරණ පරීක්ෂණයේ සඳහන්ව ඇත්තේ සිරකරු ඉනට බඳින පටියකින් සිය ගෙළ වැලදමාගෙන මියගිය බව වුවද, පොලිසිය තුළ සිටින අවස්ථාවේදී තම සහෝදරයා බෙල්ට් පටියක් පැළඳ නොසිටි බව සහෝදරිය සඳහන් කරයි.

මරණය සිදුවන අවස්ථාවේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ සහ සිරමැදිරියේ සැළකිව යුතු පිරිසක් සිටි බවත්, එසේ පිරිසක් සිටියදී තම සහෝදරයා ගෙලවැළලා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බවත්, ඇය පෙන්වාදෙයි.

එම නිසා මෙම සැක සහිත මරණය පිළිබඳව සාධාරණ තීන්දුවක් ලබාදෙන මෙන් ඇය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.