
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පානම වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් ඊයේ (16) රදැල්ල ප්රදේශයේ වැටළීමක් සිදුකර ඇති අතර, එහිදී සංචාරක හෝටලයක හිමිකරුවකු සතුව තිබී කූඩුකළ බකමූණකු, මුව අං යුගල 10ක් සහ ඇත් දළ 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.
හෝටල් පරිශ්රය තුළ තබා ඇති බවට සැකකෙරෙන රාජාලීන් දෙදෙනකු සහ කැළෑ බළල් පැටවකු සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ අද (17) පොතුවිල් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, එවැනි ආරක්ෂිත වනජීවීන් ළඟ තබාගැනීම, ප්රවාහනය කිරීම හෝ ප්රදර්ශනය කිරීම දැඩි ලෙස තහනම් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart