
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබානොදීම හේතුවෙන් රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙන බව අනාවරණය වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසන්නේ, මතුව ඇති හිඟය හේතුවෙන් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනකු මාර්ගයෙන් ඉන්සියුලින් ආනයනයට පියවර ගනිමින් සිටින බවයි.
මෙම හිඟය මගහැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බව ද හෙතෙම සඳහන් කරයි.
ඔහු පෙන්වාදෙන ආකාරයට, ලබන සැප්තැම්බර් මාසයේදී අදාළ ඖෂධ තොග මෙරටට ලැබීමට නියමිතය.
මේ වනවිට රජයේ ඖෂධ සැපයුම් අංශයේ ඉන්සියුලින් තොග අවසන් වී ඇති අතර දියවැඩියා රෝගීන් රැසක් සිය ජීවිතය පවත්වාගෙන යන්නේ රෝහල් සායනවලින් ලබා දෙන ඉන්සියුලින් එන්නත් කර ගැනීමෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart