
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ නවතම ප්‍රහාරවලින් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නෞකා ගමන් කිරීම නවතා දමා ඇති බවත්, අවසරයකින් තොරව ගමන් කරන නැව් ඉලක්ක කර විනාශ කරන බවත් ඉරානයේ ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ලෙබනනයට එරෙහි ප්‍රහාරයට සහ සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානය ඊශ්‍රායලයට දඬුවම් කරන බව ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියකු උපුටා දක්වමින් එම ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබේ.
මේ අතර, ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය පවසන්නේ USS ඒබ්‍රහම් ලින්කන් සහ USS ට්‍රිපොලි යන නෞකා ඉන්දියානු සාගරයට පසුබැසීමට බල කර ඇති බවයි.
ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේදී සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, ඊශ්‍රායලය මධ්‍යම බේරූට් වෙත අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.
සටන් විරාමය ලොව පුරා බොහෝ දෙනෙකුට අස්වැසිල්ලක් වුවද, ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඔවුන්ගේ ‘විශාලතම ප්‍රහාර’ ලෙස හඳුන්වන ප්‍රහාර මාලාව දියත් කර ඇති බැවින් අනාගතය අවිනිශ්චිත වී ඇත.
ඊශ්‍රායල හමුදාව මෙම බෝම්බ ප්‍රහාරය වත්මන් යුද්ධයේ විශාලතම සම්බන්ධීකරණ ප්‍රහාරය ලෙස සඳහන් කරයි.
බේරූට්, දකුණු ලෙබනනය සහ නැගෙනහිර බෙකා නිම්නයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක 100කට වැඩි ප්‍රමාණයකට මිනිත්තු 10ක් ඇතුළත ප්‍රහාර එල්ල විය.
ඊශ්‍රායල හමුදාව පැවසුවේ මිසයිල විදින යන්ත්‍ර, අණ මධ්‍යස්ථාන සහ බුද්ධි යටිතල පහසුකම් මෙම ප්‍රහාරවල ඉලක්ක වූ බවයි.
හිස්බුල්ලා සංවිධානය සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කරන බවට ද ඔවුන් චෝදනා කර තිබේ.
ලෙබනන් ජනාධිපතිවරයා ඊශ්‍රායල ප්‍රහාර ‘සංහාරයක්’ ලෙස විස්තර කර ඇත.
ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 89 දෙනෙකු මිය ගොස් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ඇතිකරගත් සටන් විරාමය ලෙබනනයේ හිස්බුල්ලා සමඟ ඇති ගැටුමට අදාළ නොවන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබිණි.
එහෙත් සටන් විරාමයේ මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්ථානය පැවසුවේ ගිවිසුම එම පෙරමුණට ද ව්‍යාප්ත කළ බවයි.
“කලාපය හරහා වාර්තා වන සටන් විරාම උල්ලංඝනයන් සාම ක්‍රියාවලියේ ආත්මයට හානි කරයි” යනුවෙන් පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සන්දාන් කර තිබේ.
X හි අදහස් දක්වමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ ගැටුම සාමකාමීව විසඳීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකි වන පරිදි, එකඟ වූ අයුරින් සති දෙකක් සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙසත් සටන් විරාමයට ගරු කරන ලෙසත්ය.
මෙම පසුබිම තුළ, බටහිර රටවල් කණ්ඩායමක් ඉරානයෙන් කඩිනම් සහ කල් පවතින සාමය ඉල්ලා සිටින අතර, ලෙබනනය ඇතුළුව සති දෙකක සටන් විරාමයට අනුගත වන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
මෙම ප්‍රකාශයට එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, කැනඩාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, යුරෝපීය කොමිසම සහ යුරෝපීය කවුන්සිලයේ නායකයන් අත්සන් කර ඇත.
මෙම වැදගත් ගිවිසුමට පහසුකම් සැලසීම සඳහා පාකිස්ථානයට සහ අතරමැදියන්ට ස්තූති කරමින් එම නායකයෝ සති දෙකක සටන් විරාමය පිළිගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart