
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට සහභාගී වූ හොලිවුඩ් නළු මාර්ක් රෆලෝ ඉන් අනතුරුව මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයක් හමුවේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනයට ලක්කළේය.
HBO හි ‘Task’ හි රංගනය වෙනුවෙන් ඔහු සම්මානයක් සඳහා නිර්දේශ වී තිබූ අතර ඔහු ඊට සහභාගී වෙමින් සඳහන් කළේ එවැනි නිර්දේශ වීමක් ලැබීම තමා ගෞරවයෙන් සළකන නමුත් එය සැමරීමට තත්ත්වයක් රට තුළ නොමැති බවයි.
පසුගියදා ඇමෙරිකානු ආගමන බලධාරියකුගේ වෙඩි පහරින් මියගිය රෙනී ගුඩ් වෙනුවෙන් ඔහු ඇගේ නම සටහන් වූ ලාංඡනයක් පැළඳ මෙම උත්සවයට සහභාගී වී සිටියේය.
රෙනී ගුඩ්ගේ මරණයෙන් දින කිහිපයකට පසු මෙවැනි දීප්තිමත් සම්මාන උළෙලකට සහභාගී වීම කෙතරම් ‘සාමාන්‍ය නොවේද’ යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෆලෝ පැවසුවේ තමන් මේ පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කතා කළ අතර ඔහුට කතා කළ නොහැකි බව පැවසූ බවයි.
“අපට ඉන්නේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද යන්න ගැන බොරු කියන උප ජනාධිපතිවරයෙක්. නීති විරෝධී ලෙස ආක්‍රමණය කළ වෙනිසියුලාව සමඟ යුද්ධයක මැද අපි ඉන්නේ. (ට්‍රම්ප්) ලෝකයට පවසන්නේ අන්තර්ජාතික නීතිය ඔහුට වැදගත් නැහැ කියලා. ඔහුට වැදගත් වන්නේ ඔහුගේම සදාචාරය පමණයි”. යනුවෙන් රෆලෝ පැවසීය.
ඔහු ‘USA Today’ වෙත පැවසුවේ, “ඔහු වරදකරුවෙක්. ඔහු නරකම මනුස්සයෙක්. ලෝකයේ බලවත්ම රට ලෙස අපි මේ පුද්ගලයාගේ සදාචාරය මත විශ්වාසය තියනවානම්, අපි හැමෝම ඉන්නේ බොහොම ලොකු කරදරයක. ඉතින් මේක (රෙනී) සඳහා. මේක අද භීතියට හා බියට පත්ව සිටින එක්සත් ජනපදයේ ජනතාව සඳහායි. මමත් ඒ අය අතරින් කෙනෙක් කියලා මම දන්නවා. මම මේ රටට ආදරෙයි, මෙහි දැන් සිදුවෙමින් තියෙන්නේ ඇමරිකාවේ සිදුවන දේවල් නෙවෙයි” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart