November 8, 2026

දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබේ.

කෙසේවෙතත්, ලබාදෙන මෙම නිවාඩුව ආවරණය කිරීම සඳහා එළඹෙන නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර, උතුර සහ නැගෙනහිර පළාත්වල පිහිටි සිංහල මාධ්‍ය සහ මුස්ලිම් පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (08) දින වෙනදා පරිදිම සාමාන්‍ය ලෙස සිදුකෙරෙනු ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට ද මීට පෙර තීරණය කර තිබිණි.