
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික පන්දුවාර 20 තරග ඉතිහාසයේ ඓතිහාසික ජයක් ලබන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ සමත්විය.
ටෙස්ට් තත්ත්වය හිමි නවසීලන්තය කඩුලු 07කින් පරාජයට කරමින් ඔවුහු මෙම ජයග්‍රහණය ලබාගත්හ.
ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදෙමින්,පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 142ක් රැස්කළේය.
එහිදී ආයන් අෆ්සල් ඛාන් කඩුලු 03ක් බිඳහෙළන ලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 20, තුළදි කඩුලු 02ක් පමණක් බිඳවැටී ලකුණු 143ක් ලබාගනිමින් සිය ඓතිහාසික ජයග්‍රහණය නවසීලන්තයට එරෙහිව,වාර්තා කළේය.
මුහම්මද් වසීම් පන්දු 29කදී ලකුණු 55 ක් සහ අසිෆ් ඛාන් නොදැවි පන්දු 29කදී ලකුණු 48ක් ලබාගත්හ.
මෙම ජය අනුව තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග 01ට 01ක් ලෙස සමකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart