
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 306කට අධික මුදලක් අයථා ලෙස උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධනට, අදාළ නඩුවේ විත්තිවාචකය තහවුරු කිරීම සඳහා වන සාක්ෂි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර හිටපු මන්ත්රීවරයාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
2010 සිට 2015 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී, තමන්ට සහ තම බිරිඳට අයත් සමාගම් ගිණුම් කිහිපයක් හරහා රුපියල් මිලියන 306.26කට අධික මුදලක් සැක සහිත ලෙස තැන්පත් කිරීම සහ සංසරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
අදාළ මුදල් උපයා ගත් ආකාරය පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් කිරීමට විත්තිකරු අපොහොසත් වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ විමර්ශනවලදී තහවුරු වී තිබිණි.
ඒ අනුව, තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාවලින් නිදහස් වීම සඳහා වන විත්තිවාචක සාක්ෂි මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධනට දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart