
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිල්ලි නුවර පසුගියදා පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ කියන ඉහළ පෙළේ සාකච්ඡාවකදී, ඉන්දියාවේ ඉන්න අපේ ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න අපූරු කතාවක් කියලා තියෙනවා. ඈත ඉතිහාසයේ ඉඳන්ම ඉන්දියාවයි ලංකාවයි යා කරපු කිලෝමීටර් 32ක් දිග පෝක් සමුද්‍ර සන්ධිය, දැන් ලෝක බලවතුන්ගේ පොර පිටියක් වෙලා මිලිටරිකරණය වෙමින් පවතින බව ඇය පෙන්වාදීලා තියෙනවා.
“ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි, ඉන්දීය සාගරය මධ්‍යයේ තියෙන වටිනා වත්කමක්” මහකොමසාරිස්වරිය කෙළින්ම දිල්ලියේදී කියලා තියෙන්නේ අන්න එහෙම කතාවක්.
ඇය තවත් රසවත් රහසක් හෙළිකළා. ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සමාගමක් වෙන ‘බ්‍රැන්ඩික්ස්’ සමාගම ඉන්දියාවේ විශාඛාපට්නම්හි විශේෂ ආර්ථික කලාපයක් පවත්වාගෙන යමින්, ඉන්දියානුවන් 20,000කට විතර රැකියා දීලා තියෙනවා. ඉතින් ඇය ඉන්දියාවෙන් ඉල්ලන්නේ, ලංකාවේ භාණ්ඩ හා සේවාවලට ඉන්දීය වෙළෙඳපොළට ඇතුළු වෙන්න තියෙන බාධා වැඩි නොකර, ඒවා තවත් ලේසි කරලා දෙන්න කියලයි. ලාංකික ව්‍යාපාර ඉන්දියාවට එන්නේ තරඟ කරන්න විතරක් නෙවෙයි, ඉන්දියාවේ දියුණුවට දායක වෙන්න කියන එකට බ්‍රැන්ඩික්ස් එක හොඳම උදාහරණයක්.
ඒ විතරක් නෙවෙයි, හැමෝම මුහුද උඩින් යන නැව් ගැන කතාකළාට, මුහුද යට තියෙන රහසක් ගැනත් ඇය මතක් කළා. මුළු ලෝකෙම ඩිජිටල් දත්ත සන්නිවේදනයෙන් 99%කට වඩා සිද්ධ වෙන්නේ මුහුද යට තියෙන අන්තර්ජාල කේබල් ජාලයෙන්. බටහිර ආසියානු යුද ගැටුම් එක්ක රතු මුහුදේ වගේ තැන්වල මේ කේබල්වලට හිතාමතා හෝ වැරදීමකින් හානි සිද්ධ වෙන එක ගෝලීය අන්තර්ජාලයට ලොකු තර්ජනයක් වෙලා තියෙන බවත් ඇය අවධාරණය කළා.
කොහොමවුණත්, ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වීම ඉන්දියාවටත් වාසියක් කියන එක නම් දැන් පැහැදිලියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart