
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක බලවතා වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් නිපදවන ලද, ලොව මෙතෙක් බිහිවූ සුඛෝපභෝගී මෙන්ම ආරක්ෂිතම නවතම ‘Air Force One’ (ජනාධිපති නිල ගුවන් යානය) ඊයේ (සිකුරාදා) ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුරේදී නිල වශයෙන් ජනගත කර තිබෙනවා.
හැබැයි මේක සාමාන්‍යයෙන් ඇමරිකානු රජයේ සල්ලිවලින් හදපු එකක් නෙවෙයි. පසුගිය 2025 වසරේදී කටාර් රාජ්‍යය විසින් ඇමරිකාවට කිසිදු කොන්දේසියකින් තොරව ‘තෑග්ගක්’ විදිහට ලබා දුන් ‘Boeing 747-8’ වර්ගයේ සුපිරි ජම්බෝ ජෙට් යානයක් තමයි මෙලෙස ජනාධිපතිවරයාගේ පාවිච්චිය සඳහා සකස් කරලා තියෙන්නේ.
ඇමරිකානු ඩොලර් මිලියන 400ක් (එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 120කට වඩා) වටිනා මෙම සුපිරි යානය, ඇමරිකානු හමුදාව විසින් මාස කිහිපයක් තිස්සේ දැවැන්ත නවීකරණයකට ලක් කර තිබෙනවා.
යානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ටම ආවේණික සුවිශේෂී ප්‍රකාශයක් කර තිබුණා:
“මේ යානය කිසිවෙකු මෙතෙක් දැක නැති මට්ටමේ සුඛෝපභෝගීත්වයකින් යුත්, අහසේ පාවෙන ධවල මන්දිරයක් බවට පරිවර්තනය කර තිබෙනවා. මෙහි පාවිච්චි කරලා තියෙන ලී වර්ග, අනෙකුත් අමුද්‍රව්‍ය වගේම එන්ජින්වල තත්ත්වය අදහාගන්න බැරි තරම් විශිෂ්ටයි. මේවා ලෝකයේ තියෙන හොඳම එන්ජින්. මම කටාර් රාජ්‍යයේ එමීර්වරයාට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා.”
කොහොම වුණත් මේ බිලියන ගණනක තෑග්ග පිටුපස ලොකු දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වෙලා තිබුණා. ඇමරිකානු නීතියට අනුව එරට නිලධාරියකුට ලබාගත හැක්කේ ඩොලර් 480කට අඩු වටිනාකමකින් යුත් තෑගි විතරයි. මේ නිසා ට්‍රම්ප්ගේ හිතවතුන් පවා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙවැනි දැවැන්ත තෑග්ගක් භාරගැනීම ව්‍යවස්ථා විරෝධී කතාවක් කියලා.
එහෙත් ධවල මන්දිරය පවසන්නේ මෙය නීත්‍යානුකූල බවත්, ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු මෙම යානය ඔහුගේ ‘ජනාධිපති පුස්තකාලය’ වෙත පරිත්‍යාග කරන බවත්ය.
කටාර් රජ පවුල පාවිච්චි කරපු නිසා මෙහි ඇතුළත තිබූ අති සුඛෝපභෝගී නිමාවන් එලෙසම තබාගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. හැබැයි යානයේ පිටත පෙනුම රතු, සුදු, නිල් සහ රන්වන් පැහැයෙන් හැඩගැන්වීමට ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.
මීට පෙර 1990 සිට ඇමරිකානු ජනාධිපතිවරුන් පාවිච්චි කළ පැරණි යානයක් මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති අතර, ධවල මන්දිර සන්නිවේදන අධ්යක්ෂ ස්ටීවන් චියුන්ග් එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් එම පැරණි යානයට ‘අවසාන ගමන’ ලෙස සමුදී තිබුණා.
තාක්ෂණික සහ ආරක්ෂක පරීක්ෂණ රැසකින් සමත් වීමෙන් පසු ඉදිරි දිනවලදී ට්‍රම්ප් සිය නිල සංචාර සඳහා මෙම ‘කටාර් තෑග්ග’ පාවිච්චි කිරීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart