
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද්ධයට දැඩිව විරුද්ධ බවත්, යුද ගැටුම් කිසිසේත් අනුමත නොකිරීම රජයේ ස්ථාවරහ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට පදනම් වන දීර්ඝකාලීන හෝ ක්ෂණික කාරණය කුමක් වුව ද ඉන් පීඩාවට පත්වන්නේ රටක සාමාන්‍ය ජනතාව බවයි.
කුඩා රටක් වුව ද ශ්‍රී ලංකාවේ ඉල්ලීම වන්නේ, යුද ගැටුම් නතර කිරීම බව ද අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, ලෝකය කළයුතු වන්නේ යුද්ධයකට යෑම නොව යුද ගැටුම් අවම කරගැනිම බවයි.
එබැවින් රජය අනුගමනය කරන්නේ සාමය වෙනුවෙන් පෙනීසිටීමේ ස්ථාවරය බව ද ඔහු පැවසීය.
ඊශ්‍රායල – ඉරාන යුද්ධය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකාවට බලපාන බව පෙන්වාදුන් අමාත්‍යවරයා පැවසුවේ, රටවල් දෙකේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිටින බැවින් මෙම අර්බුධය හමුවේ විදේශ ප්‍රේෂණ සඳහා යම් බලපෑමක් විය හැකි බවයි.
තෙල් මිල ඉහළ යෑමේ අවදානම සහ තේ ඇතුළු අපනයන සඳහා බලපෑම් එල්ලවීමේ අවදානම ද පවතින බව ඔහු පෙන්වාදුන්නේය.
රජයේ අපේක්ෂාව වන්නේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීම සහ විකල්ප සඳහා යොමු වීම බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart