
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 21.3කට පමණ 2025 වසරේදී ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක හිමිකම පැවැති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත.
දිවයින පුරා බෙදී ගිය පවුල් 25,000ක සාම්පලයක් සහ වයස අවුරුදු 5ත් 69ත් අතර පුද්ගලයන් පදනම් කරගනිමින් සකස් කරන ලද 2025 වාර්ෂික පරිගණක සාක්ෂරතා සංඛ්‍යාලේඛන වාර්තාව ඔස්සේ මෙම දත්ත අනාවරණය වී තිබේ.
2024 ජන හා නිවාස සංගණනයේ දත්ත භාවිතා කරමින් මෙම 2025 ඇස්තමේන්තු යළි සකස් කර තිබේ.
පරිගණක හිමිකාරීත්වය නේවාසික අංශය අනුව තියුණු ලෙස වෙනස් වන අතර, නාගරික අංශයේ පවුල්වලින් සියයට 37.8ක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් තිබුණද, ග්‍රාමීය අංශයේ එම අගය සියයට 18.6 දක්වා ද, වතු අංශයේ සියයට 5.2ක් දක්වා ද පහළ ගොස් ඇති බව වාර්තාවේ සදහන් කර ඇත.
ඒ අනුව, වතු ආශ්රිත පවුල්වල පරිගණක හිමිකාරීත්වය නාගරික පවුල්වල වාර්තා වූ මට්ටමින් හතෙන් එකකටත් වඩා අඩු මට්ටමක පවතින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සදහන් කර තිබේ.
පළාත් අතර ද සැලකිව යුතු වෙනස්කම් දක්නට ලැබෙන අතර, බස්නාහිර පළාත ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක සහිත පවුල්වල ඉහළම ප්‍රතිශතය සියයට 34ක් වාර්තා කර තිබේ.
මධ්‍යම පළාත සියයට 20.3ක් සහ සබරගමුව පළාත සියයට 19.4ක් ලෙසත්, වාර්තා වී ඇති අතර පවුල්වල පරිගණක හිමිකාරීත්වය අතින් අඩුම මට්ටම වාර්තා වී ඇත්තේ, උතුරු පළතෙනි.ඒ සියයට 10.1කි.
රට තුළ පෞද්ගලික පරිගණක හිමිකාරීත්වය සීමිත මට්ටමක පැවතුණද, ඩිජිටල් සාක්ෂරතා මට්ටම සහ ජංගම උපාංග භාවිතය කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දක්වා තිබේ.
එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2025 වාර්ෂික පරිගණක සාක්ෂරතා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, 2025 වසරේදී වයස අවුරුදු 5ත් 69ත් අතර පිරිසෙහි සමස්ත ඩිජිටල් සාක්ෂරතා අනුපාතය සියයට 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 39.2ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව ප්‍රතිශත ලක්ෂ්‍ය 3.3ක වර්ධනයකි.
සාම්ප්‍රදායික ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක ඔස්සේ පමණක් නොව, ජංගම උපාංග හරහා මෙරට ජනතාව ඩිජිටල් තාක්ෂණය වෙත ප්‍රවේශ වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්වා කළ වාර්තාවේ දක්වා ඇත.
සමීක්ෂණයේදී අනාවරණය වී ඇති පරිදි, භාවිත වන උපාංග අතරින් සියයට 80.6ක්ම ස්මාර්ට් ජංගම දුරකථන වන අතර, ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක හිමි කරගෙන ඇත්තේ සියයට 17.4ක ප්රතිශතයකි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2004 වසරේ සිට වරින් වර මෙම පරිගණක සාක්ෂරතා සමීක්ෂණ පවත්වා ඇති අතර, 2014 වසරේ සිට ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණයටද මෙම අංශය අඛණ්ඩව ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart