
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදිනු ලබන මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහි අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයන් විසින් නීතිවිරෝධී ලෙස කොටු කැපීම නැමැති සූදුවක් ක්‍රියාත්මක කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.
මෙම නීතිවිරෝධී සූදුවට මේ වන විට සැලකිය යුතු මහජනතාවක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් සිදු කරන ලද වැටළීම් වලින් අත්අඩංගුවට ගත් මෙම නීතිවිරෝධී සූදුව ක්‍රියාත්මක කරන පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුද්ගලයන්ට අධිකරණය විසින් දණ්ඩයන් පනවා ඇත.
එවැනි නීතිවිරෝධී සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබූ මැදගම ,මීගහවගුර ප්‍රදේශවේ පදිංචි කේ.එම් අජිත් බණ්ඩාර නැමැත්තෙකුට එරෙහිව සූදු සෙල්ලම් පොළක් කළමනාකරණය කිරීම යන චෝදනාව යටතේ බිබිල මහේත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ අංක 59967 දරන නඩුව විභාග කළ අධිකරණය, එම පුද්ගලයාට මාස 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.එයින් මාස දෙකක් සක්‍රීය සිරදඬුවමක් වන අතර ඉතිරි මාස 08 අත්හිටවූ සිරදඬුවම් වෙයි
එවැනිම චෝදනාවක් යටතේ මැදගම ,මියනකඳුර ,කොටබෝව පාර ,02 කණුව පදිංචි ජේ.ජී. මංගල ප්‍රසාද් දමිත් කුමාර නැමැත්තෙකුට එරෙහිව සූදු සෙල්ලම් පොළක් කළමනාකරණය කිරීම යන චෝදනාව යටතේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණය ගොනු කර තිබූ අංක 59968 දරන නඩුව විභාග කල අධිකරණය එම පුද්ගලයාට මාස 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත. එයින් මාස 02 ක් සක්‍රීය සිරදඬුවමක් වන අතර ඉතිරි මාස 08 අත්හිටවූ සිරදඬුවම් වේ.
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට හඳුනාගෙන ඇති එවැනි නීතිවිරෝධී ලොතරැයි සූදුපොළවල් පවත්වා ගෙන යනු ලබන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම පිණිස අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති අතර මෙම නීතිවිරෝධී සූදුවට සම්බන්ධ නොවන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොටු කැපීමේ සූදුවේ නිරත පුද්ගලයන් විසින් කිසිදු මහජන සේවාවක් ඉටු නොකරන අතර ඔවුන්ගේ එකම ඉලක්කය වනුයේ නීති විරෝධී ලෙස මහජනයාගේ මුදල් එකතු කිරීම පමණි.
එවැනි තත්ත්වයක් යටතේ මෙම නීතිවිරෝධී ක්‍රියාමාර්ගයේ හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart