
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දරුවන් බිහිකිරීමට සුදුසු වයසේ සිටින සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන්ම එක් අයකු ගෘහස්ථ හිංසනයට මුහුණදෙන බැවින් ගෘහස්ථ ප්රචණ්ඩත්වය පෞද්ගලික කාරණයකට වඩා මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස සලකා එම ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ බව පැහැදිළි කරමින් එම අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය දිනූෂා පෙරේරා පැහැදිලි කළේ, ගෘහස්ථ ප්රචණ්ඩත්වය හුදු පවුල් ප්‍රශ්නයක් ලෙසින් ඉවසා සිටිය යුතු බවට පොදු මතයක් තිබුණද, එය මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්කරලමින් වර්ධනය විය හැකි සමාජයීය බලපෑම් හේතුවෙන් එවැනි ප්රචණ්ඩ ක්‍රියා නොඉවසිය යුතු බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මෙම කරුණු පැහැදිළි කළ වෛද්‍යවරිය පෙන්වාදුන්නේ, ගෝලීය වශයෙන් සෑම පුද්ගලයන් තිදෙනකුගෙන් එක් අයකුම තම ජීවිතයේ කිසියම් අවස්ථාවක තම සමීප සහකරු අතින් හිරිහැරවලට මුහුණදෙන බවයි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන් සඳහා ‘මිතුරු පියස’ සේවාව හරහා සපයනු ලබන සේවාවන් ඇතුළු සේවාවන් කිහිපයක් සෞඛ්‍ය අංශය විසින් ක්‍රියාත්මක කරන බවත්, එහිදී ගෘහස්ථ හිංසනය හේතුවෙන් පීඩාවට පත්වන දරුවන්ට උපකාර කිරීමද සිදුකරන බවත් ඇය පැවසුවාය.
2023 වසරේ පමණක් වින්දිතයන් 12,198 දෙනෙකුට එවැනි සේවාවන් සපයා ඇති අතර, මෙම සේවාවන් ලබාගෙන ඇති වින්දිතයින්ගෙන් 91% ක් පමණ කාන්තාවන් වන අතර, පිරිමින් 8-9% ක් පමණ වන බවත්, වෙනත් ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් 0.5% ක් පමණ වන බවත් ඇය අනාවරණ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart