February 19, 2025

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් මෙහි දැක්වේ.

වෑන් රථයකින් පළායමින් සිටියදී පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

රටින් පිටවීම සඳහා ඔහු පළායමින් සිටි බවට සැකකෙරේ.