May 11, 2026

තමිල්නාඩු මහඇමැති ධුරයට පත් විජේ සිය පළමු ප්‍රධාන තීරණය ලෙස ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා නොමිලේ විදුලිය ඒකක 200ක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ප්‍රතිලාභය අදාළ වන්නේ ඒකක 500ක් දක්වා ද්විමාසික විදුලි පරිභෝජනයක් ඇති නිවාස සඳහාය.

ඒකක 500ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන් පවතින ගාස්තු ව්‍යුහය යටතේ අඛණ්ඩව පවතිනු ඇත.

ඔවුන්ට සෑම මාස දෙකකට වරක් නොමිලේ විදුලිය ඒකක100ක් ලබාදෙනු ඇත.

2026 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ ජයග්‍රහණයෙන් පසු තමිල්නාඩු මහඇමතිවරයා ලෙස විජේ ඉරිදා දිවුරුම් දීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කරන ලදී.

විදුලි සහනයට අමතරව, ප්‍රාන්තය පුරා කාන්තා ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරන විශේෂ කාර්ය සාධක බලකායන් පිහිටුවීමට ද විජේ අනුමැතිය ලබා දී ඇත.