July 27, 2026

ශ්‍රී ලංකා පොලිසියේ සහායක සේවයේ පවතින තාක්ෂණික හා වෘත්තීය ක්ෂේත්‍රයන්හි පුරප්පාඩු 383 ක් පිරවීම සඳහා සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

2026 ජූලි 10 වැනි දිනැති අංක 2497 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, පොලිස් පරීක්ෂක තනතුරු 177 ක් සහ පොලිස් කොස්තාපල් තනතුරු 206ක් සඳහා මෙලෙස බඳවා ගැනීම් සිදුකෙරේ.

අයැදුම්පත් භාරගැනීම 2026 අගෝස්තු 14 වැනි දින දක්වා සිදුකෙරෙන අතර, සියලුම අයැදුම්කරුවන් මාර්ගගත (Online) පද්ධතිය ඔස්සේ පමණක් සිය අයදුම්පත් යොමුකළ යුතු බව පොලිසිය අවධාරණය කරයි.

පුරප්පාඩු පවතින ක්ෂේත්‍රයන්

පොලිස් පරීක්ෂක (SI) තනතුරු:
* වෙබ් අඩවි සංස්කරණය සහ සංවර්ධනය, පද්ධති විශ්ලේෂණය (Systems Analysis), ක්‍රමලේඛනය (Programming), පරිගණක දෘඩාංග සහ ජාලකරණය (Hardware & Networking), ග්‍රැෆික් නිර්මාණකරණය, ප්‍රමාණ සමීක්ෂණය (Quantity Surveying), යාන්ත්‍රික (Mechanics), ආපනශාලා පාලනය සහ සැලසුම්කරණය.

* මීට අමතරව ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයටම ඖෂධවේදීන්, විදුලි කෙටුම්පත්කරුවන් (Electrical Draftsmen), වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් සහ හෙද/හෙදියන් ලෙස අයැදුම් කළ හැක.

පොලිස් කොස්තාපල් (PC) තනතුරු:
* ශීතකරණ සහ වායු සමීකරණ කාර්මිකයන්, රියදුරන්, ඉලෙක්ට්‍රොනික කාර්මිකයන්, යාන්ත්‍රිකයන්, පරිගණක ක්‍රියාකරුවන්, පෑස්සුම්කරුවන්, ශබ්ද විකාශන පද්ධති ක්‍රියාකරුවන් සහ වේදිකා ආලෝකකරණ තාක්ෂණවේදීන්.

* තවද, ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයෙන්ම රූපලාවන්‍ය ශිල්පීන් සහ ශාරීරික යෝග්‍යතා උපදේශකයන් ද බඳවා ගැනේ.

අගෝස්තු 14 වැනි දිනට පෙර සුදුසුකම් සහිත සියලුම අපේක්ෂකයන් දැනුවත් කර, මෙම රැකියා අවස්ථාවන් සඳහා යොමුකරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.