
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන ලෝකයේ විතරක් නෙවෙයි, දැන් මළගෙවල් අස්සෙත් සිරාම කුප්ප ජාවාරම් සිද්ධවෙනවා කියලා අන්තිමට අමාත්‍යාංශ මට්ටමෙන්ම හොයාගෙන තියෙනවා. අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වැනි වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත්කරලා තියෙන්නේ දවසේ ඕනෑම වෙලාවක, මියගිය අයගේ ඥාතීන්ට ගෞරවනීය සේවයක් සලසලා, අධිකරණ ක්‍රියාවලිය ලෙහෙසි කරන්නයි. හැබැයි ඉතින් අපේ රටේ සමහර ‘කළු කබාවලට’ මළමිනියත් බිස්නස් එකක් වෙලා කියලයි ආරංචිය.
තමන්ගේ ළඟම කෙනෙක් නැති වෙලා අඬාවැළපෙන, අසරණ වුණු ඥාතීන්ගේ සංවේදී මානසිකත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න සමහර හදිසි මරණ පරීක්ෂකවරු, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉක්මන් කරලා දෙන්න සල්ලි, වෙනත් තෑගි බෝග සහ විවිධ වරප්‍රසාද ‘අල්ලස්’ විදිහට ඉල්ලනවා කියලා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට දිගට හරහට පැමිණිලි ලැබිලාලු.
නීතියට අනුව මේ අයට සත පහක්වත් දීම සපුරා තහනම් සහ නීතිවිරෝධී වැඩක්. ඒ නිසා මාළිමා ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යාංශය දැන් වැඩේට බැහැලා තියෙන්නේ. මෙන්න මේ වගේ හොර තක්කඩි මරණ පරීක්ෂකවරු කවුරු හරි සල්ලි හෝ වෙනත් වාසි ඉල්ලුවොත්, ඒ වෙලාවෙම අමාත්‍යාංශයේ 0702724637 කියන වට්ස්ඇප් අංකයට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 හදිසි ඇමතුම් අංකයට කෙළින්ම දැනුම් දෙන්න කියලා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලනවා.
මළවුන්ගෙන් පවා හූරාගෙන කන මෙන්න මේ වගේ ජාවාරම්කාරයින්ව නීතියේ රැහැනට කොටුකරලා දෙන්න එකතු වෙන්න කියලයි බලධාරීන් කියන්නේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart