
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් එකවරම ගැලවී යාම නිසා මගියෙකු යානයෙන් පිටතට ඇදී යාමට ගිය ඇඟ කිලිපොලා යන පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ග්‍රීසියේ තෙසලෝනිකි නුවරින් ජර්මනිය බලා පියාසර කළ ‘Malta Air’ සමාගමට අයත් ‘Ryanair’ ගුවන් යානයකයි මෙම බියකරු සිදුවීම සිදුවී ඇත්තේ. යානය ගුවන්ගත වී සුළු වේලාවකින් මධ්‍ය ගගනදී එහි තිබූ එක් කැබින් ජනේලයක් සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී ජනේලය අසල අසුන්ගෙන සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, යානය තුළ ඇති වූ දැඩි වායු පීඩන විපර්යාසය හේතුවෙන් ක්ෂණිකව ජනේලයෙන් පිටතට ඇදී ගොස් ඇති බවයි මගීන් පවසන්නේ. ඔහුගේ හිසේ සිට උරහිස දක්වා කොටස යානයෙන් පිටත අහසට ඇදී ගොස් තිබූ අතර, අසල සිටි අනෙකුත් මගීන් මහත් පරිශ්‍රමයක් දරා ඔහුව නැවත යානය තුළට ඇද ගැනීමට සමත්ව තිබෙනවා.
යානයේ පීඩනය බිඳ වැටීමත් සමඟ ඔක්සිජන් මුහුණු ආවරණ ක්‍රියාත්මක වී ඇති අතර යානය තුළ සිටි මගීන් දැඩි ලෙස බියට පත්ව කෑගසා ඇති බව ද වාර්තා වනවා.
කෙසේවෙතත්, වහාම ක්‍රියාත්මක වූ ගුවන් නියමුවන් යානය නැවතත් ග්‍රීසියේ තෙසලෝනිකි ගුවන් තොටුපළ වෙතම නිරුපද්‍රිතව ගොඩබෑමට සමත්ව තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ එක් මගියෙකුට ගුවන් තොටුපළේදීම වෛද්‍ය ආධාර ලබා දී ඇති අතර, අනෙක් මගීන් වෙනත් යානයක් මඟින් ජර්මනිය බලා පිටත් කර හැරීමට Ryanair සමාගම පියවර ගෙන තිබෙනවා.
මෙම අමුතුම ආකාරයේ අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, ග්‍රීසි සහ මෝල්ටා ගුවන් සේවා බලධාරීන් සමඟ එක්ව අයිරිෂ් ගුවන් සේවා අධිකාරිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart