
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබේ.
අදාළ නියෝගයට අනුව මෙම උසස්වීම ලබා දී ඇත්තේ 2026 වසරේ අගෝස්තු මස 25 දින සිට බලපැවැත්වෙන පරිදිය.
එමෙන්ම වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය නියෝග කර තිබේ.
පහතින් දැක්වෙන්නේ ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ශානි අබේසේකර විසින් මෙහෙයවූ සහ මෙහෙයවන විමර්ශන පෙළක් පිළිබඳව සිය Fecebook පිටුවේ තබා ඇති සටහනකි.
ශානි අබේසේකර මහතා විසින් විමර්ශනය කර සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ සිද්ධි කිහිපයකට අදාල තොරතුරු පහත දැක්වේ. මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නඩු ගණනාවක සැකකරුවන් 50කට ආසන්න පිරිසකට මරණීය දණ්ඩනය නියම විය. මහාධිකරණය විසින් පැනවූ මරණ දඬුවම අභියාචනා රැසකදීම ස්ථිර විය. මෙම පෝස්ටුවට ද කමෙන්ට් කිරීමට පැමිණෙන ලෙස රැකියාව පිණිස ශානි අබේසේකරට මඩ ගසන පිරිසට අරාධනා කරමි.
HC 1271/02 – පරූසාමි සිවකුමාර මහතාට මාරාන්තික ලෙස පහර දී රන් මාලයක් මංකොල්ලකෑම.
HC 1016/03 – නානායක්කාර ලියනගේ මහින්ද පෙරේරා ගුණවර්ධන මහතා ඝාතනය කිරීම.
HC 1380/02 – සමරසිංහ ආරච්චිගේ පියතිස්ස මහතා ඝාතනය කිරීමට තැත් කිරීම.
HC 114/99 – මොහොමඩ් සුසන්ත රෝහණ මහතා ඝාතනය කිරීම.
HC 1091/02 – හේනතිමුල්ලගේ දොන් විජිත් ප්‍රේමලාල් මහතා ඝාතනය කිරීම.
HC 897/02 – නගාලිංගම් නඩේසන් මහතා ඝාතනය කර රන් මාලයක් මංකොල්ලකෑම.
HC 288/01 – මොහොමඩ් රෆීක් මොහොමඩ් ෆජාර්ඩීන් මහතා වෙඩි තබා ඝාතනය කිරීම.
HC 270/99 – සෙල්වනායගම් සුකුමාර් මහතා ඝාතනය කිරීම.
HC 1272/03 – කොගල්මුත්තු කමලානන්දන් මහතා ඝාතනය කිරීම.
HC 3370/06 – සින්නතම්බි සේකර් මහතා ඝාතනය කිරීම.
HC 277/99 – හෙට්ටිආරච්චිලාගේ ජාලිය කීර්ති පෙරේරා මහතා ඝාතනය කිරීම.
HC 2085/05 – අත්බෝම්බ 3ක් සහ ගිනිඅවි ළඟ තබා ගැනීම (විත්තිකරු: රාමසාමි රාජේන්ද්‍රන්).
HC 2247/05 – අත්බෝම්බයක් ළඟ තබා ගැනීම (විත්තිකරු: නාවලගේ ප්‍රසන්න ප්‍රියරංජන).
HC 2533/05 – අත්බෝම්බයක් ළඟ තබා ගැනීම (විත්තිකරු: ප්‍රසාද් ඉන්දික වික්‍රමසිංහ).
HC 2239/06 – රන් මාලයක් මංකොල්ලකෑම.
HC 1405/03 – මාවඩුගේ නිමල් රංජිත් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම.
HC 4538/08 – අත්බෝම්බයක් ළඟ තබා ගැනීම (විත්තිකරු: තරංග මංජුල සම්පත් දසනායක).
HC 545/02 – මොහොමඩ් ෆර්සාන් මහතාට පිහියෙන් ඇන ඝාතනය කිරීම.
Case No. B.9457/98 – සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් මහතා ඝාතනය කිරීම. (චූදිත අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරණයට පත්විය)
HC 2042/4 – කොළඹ නාගරික මන්ත්‍රී එම්.එම්.එම්. ඉමිතියාස් මහතා ඝාතනය කිරීම.
HC 52/2008, HC 57/2008 – “සොත්ති උපාලි” හෙවත් අරඹවෙලගේ දොන් උපාලි රංජිත් ඝාතනය කිරීම.
HC 01/09 – ව්‍යාපාරික ජී.සී. වික්‍රමසිංහ මහතා පැහැරගෙන රුපියල් මිලියන 20ක කප්පමක් ලබා ගැනීම.
HC 4664/2009 – දෙල්කඳ මංසන්ධියේදී පාතාල කල්ලි සාමාජිකයන් හය දෙනෙකු ඝාතනය කිරීම.
HC 891/2002 – එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කිරීම.
HC 1693/04 සහ 1694/04 – ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රේගුවෙන් කන්ටේනර් 44ක් නිදහස් කර ගැනීම.
HC 3338/06 – පොලිස් පරීක්ෂක සමුද්‍රජීව මහතාට මරණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම.
HC 3105/06CM – ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ශ්‍රියන්ත චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා ඝාතනය කිරීමට තැත් කිරීම.
HC 836/2002 (Trial-at-Bar) – රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න පෙරේරා මහතා ඝාතනය කිරීම.
HC 3116/2006-2364/2005 – කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය.
HC 1024/2002 (Trial-at-Bar) – උඩතලවින්න සමූහ ඝාතනය.
HC 13/2003 – කඩුවෙල ප්‍රදේශයේදී නීතිවිරෝධී ගිනිඅවි සහ හමුදා උපකරණ ළඟ තබා ගැනීම.
HC 81/2006 – සූරියවැව ප්‍රදේශයේදී අත්බෝම්බ ළඟ තබා ගැනීම.
MC 81046 – ව්‍යාජ ගමන් බලපත්‍ර 19ක් ළඟ තබා ගැනීම සහ මිනිස් ජාවාරම.
HC 1340/03 – ඇමරිකානු පුරවැසි එන්. අබේසිංහ මහත්මිය පැහැරගෙන ගොස් දූෂණය කිරීම.
MC 42952 සහ MC 29707 – බලපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීම.
MC 84969 – ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර 9ක් සහ වීසා ළඟ තබා ගැනීම.
HC 281/2005 – රාගම ප්‍රදේශයේදී අත්බෝම්බයක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම.
MC 85254 – රජයේ දේපළවලට හානි කිරීම (මහින්ද විජේසේකර සහ එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ දරුවන් සම්බන්ධ නඩුව).
HC 1553/2004 – 3998/07 – ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ළඟ තබා ගැනීම.
HC 3527/2006 – 3530/2006 – නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කිරීම.
MC 89251 – මාරවිල ප්‍රදේශයේදී නීතිවිරෝධී මිලිමීටර් 9 පිස්තෝලයක් ළඟ තබා ගැනීම.
HC 152/2015 – බලපිටිය පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු වූ නන්දිරාජා ඝාතනය කිරීම.
HC 2722/2006 – රෝයල් පාර්ක්හිදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් මෙනෙවිය ඝාතනය කිරීම.
HC 4478/2008 – කැලණිතිස්ස බලාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම.
HC 17/2009, 18/2009, 1228/2009 – එවකට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට තැත් කිරීම.
HC 6233/05/12 – හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට තැත් කිරීම.
HC 7080/07/2013 – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීම.
MC/B2162/01/07 – වවුනියාවේදී නීතිවිරෝධී සන්නිවේදන උපකරණ ළඟ තබා ගැනීම.
HC 5382/05/2010 – රාජා එදිරිසිංහ මහතාට පිහියෙන් ඇන ඝාතනය කිරීම.
Gampaha HC 25/2016 – මුරුගේසු ගුරුසාමි මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම.
HC 5247/10 (Trial-at-Bar) – අඟුලාන පොලිස් භාරයේ සිටි තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.
Case No. B 7841/10 – කොට්ටාව පොලිස් භාරයේ සිටි පට්ටියගේ කෝමාකෝ ලාලක පීරිස් ඝාතනය කිරීම.
HC 99/2018 – 101/2018 – දොම්පේ පොලිස් භාරයේ සිටි ගයාන් රසංග ඝාතනය කිරීම.
HC 7781/2015/06 (Trial-at-Bar) – භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිස ඝාතනය කිරීම.
MC B 500/12 – එස්වරාදසන් කේතීස්වරන් මහතා ත්‍රිකුණාමලයේදී ඝාතනය කිරීම.
HC TAB 725/2019 – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම.
HC TAB 1448/2020 – සිසුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඝාතනය කිරීම.
Case No. B 2109/03/09 – රන් භාණ්ඩ සොරකම් කිරීම සහ දෙදෙනෙකු ඝාතනය කිරීම (නාවික හමුදා බුද්ධි අංශය සම්බන්ධ නඩුව).
HC 8/2014 සහ HC 3/2014 – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම.
HC 182/2013 – හසිත කැලුම් මඩවල මහතා ඝාතනය කිරීම.
HC TAB 7193/14 – ව්‍යාපාරික මොහොමඩ් සියාම් මහතා ඝාතනය කිරීම.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart