
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිල්ල ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් මාසයේදී යළි කැඳවීමට නියෝග කර තිබේ.
ඒ, එම නඩුව අද නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
නඩු විභාගය අතරතුර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියේ මීට පෙර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සිටි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මේ වන විට අභියාචනාධිකරණයට උසස් කර ඇති බවයි.
එබැවින් නව විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නව අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
නව විනිසුරු මඩුල්ල පත්කරන තෙක් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විභාගය සඳහා නව දිනයක් ලබාදෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය නඩුව සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart