
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු හමුදාවට සම්බන්ධ වී දේශසීමා තරණය කළ ශ්‍රී ලාංකික හිටපු සෙබළුන් පස්දෙනකු යුක්රේන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලාංකිකයන් රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා සමඟ එක්ව සටන් කරන බවට ජනමාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව යුක්රේනයට සමගාමීව ක්‍රියාත්මක තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ පිළිබඳව තහවුරු කර ඇත.
යුක්රේන බලධාරීන් සෙනසුරාදා ශ්‍රී ලංකා දූත පිරිසට දැනුම්දී ඇත්තේ, ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි.
ඊට අමතරව යුක්‍රේන හමුදා සමඟ සටන් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ක්‍රියාන්විතයේදී මියගොස් ඇති බවද පැවැසේ.
මීට පෙර රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අමැති දූත පිරිසක් මොස්කව් වෙත ගියහ.
බොහෝදුරට විශ්‍රාමික සොල්දාදුවන් වන ශ්‍රී ලාංකිකයන් රුසියානු පුරවැසිභාවය ඇතුළු හොඳ වැටුප් සහ වරප්‍රසාද ලබාදෙන බවට පොරොන්දු මත රුසියාවට ගොස් ඇති බව රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පවසයි.
ඔවුන් රුසියානු ආරක්ෂක බලධාරීන් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඔවුන් නිදහස් කිරීමට අපහසු වේ. ස
ඉන් සමහරු රුසියානු පුරවැසිභාවය පවා ලබාගෙන ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart