
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික තරබාරු පාසල් දරු දැරියන්ගේ වැඩිවීමක් දක්නට ඇති බවත්, මේ හේතුවෙන් දරුවන් අඩු වයසින් හෘදයාබාධ වැළඳී මියයෑමේ අවදානමක් මතුවී ඇති බවත්, අන්තර්ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පෝෂක අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.
බොහෝ සිසු සිසුවියන් වෙළෙඳපොළේ ඇති මුරුක්කු, වඩේ, රෝල්ස්, පැටිස් වැනි ආහාර මෙන්ම සීනි සහිත ඩෝනට්, අයිසින් කේක් වැනි ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා ඔවුන් කොලෙස්ට්‍රෝල් සහ දියවැඩියාව වැළඳී පීඩාවිඳිමින් සිටින බව ඇය පෙන්වාදෙයි.
මෙම තත්ත්වය තුළ දරුවන් අඩු වයසින් හෘදයාබාධ වැළඳී මියයෑමේ අවදානමද මතුව ඇතැයි ද ඇය සඳහන් කළාය.
ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
“අද පාසල්වල මහත දරුවෝ වැඩිවෙලා. මේක ලොකු ප්‍රශ්නයක්. එවැනි දරුවන්ට දියවැඩියාව තියෙන්න පුළුවන්. අක්මාවේ තෙල් තැන්පත්වෙලා තියෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි පිළිකාව පවා වැළඳෙන්න පුළුවන්. මේ තත්ත්වය තුළ දරුවෝ ඉතා අඩු වයසින් මැරෙන්න පුළුවන්. බිස්කට්වලින් පවා ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. තෙල් සහිත කෑම, සීනි සහිත කෑම ගැනීම නිසා දරුවන්ගේ ඇස්වලට, වකුගඩු වලටත් බලපාන්න පුළුවන්. දරුවෝ අඩු වශයෙන් දවසට පැය 2ක් ව්‍යායාම කරන්න, ඇවිදින්න, තියාගන්න, තෙල් කෑම, සීනි කෑම වලින් ඈත් වෙන්න.” (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart