
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ හදිසි පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයකයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගල්ඔය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
අද (26) අලුයම 4.00 ට පමණ රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි පැවති ගෑස් කාන්දුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩරයක් පිපිරී යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැකකෙරේ.
පිපිරීමත් සමඟ පුද්ගලයින් 7 දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තිදෙනාගෙන් එක් අයෙකු මෙලෙස මියගොස් ඇත. අනෙක් දෙදෙනා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ පසුවෙති.
මෙම ප්‍රබල පිපිරීම හේතුවෙන් රෝහලේ අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුවිය.
සිදුවීමෙන් රෝහලේ සිටි කිසිදු රෝගියකුට හානියක් සිදුවී නොමැති නමුත්, පූර්වාරක්ෂක පියවරක් ලෙස නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා පොළොන්නරුව මහරෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබේ.
දෛනික රෝහල් කටයුතුවලට යම් බාධා එල්ල වුවද, රෝහලේ සුදුසු කොටසක සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යෑමට බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම අනතුර පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart