
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය වෘත්තිකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛය ඉවත් කර ගැනීමට අමාත්‍යාංශය පියවර නොගතහොත් ඉදිරියේදී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඒකාබද්ධ වැඩවර්ජනයක් දියත් කරන බව වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, එලෙස නිකුත් කරන ලද චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස දැනටමත් අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තට දැනුම්දී ඇති බවයි.
ලේකම්වරයාගේ මෙම ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමේ ප්‍රයත්නයක් වන බැවින්, අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට ගත් තීරණයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් සියලුම වෘත්තීය සමිති ඒකමතිකව එකඟ වූ බවද හෙතෙම පෙන්වාදෙයි.
අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ආන්දෝලනාත්මක චක්‍රලේඛයේ සඳහන් වන්නේ, දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු සපයන ඕනෑම නිලධාරියකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්, අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම නිලධාරීන් සඳහා එය නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart