
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් මෑතක දී මත්පැන් සමාගම්වලින් මිල අඩුකරන ලෙස කළ ඉල්ලීම විවේචනය කරමින්, සෞඛ්‍ය වෘත්තිකයන් මෙම පියවර මත්පැන් පානය දිරිගැන්වීමක් ලෙස හෙළාදැක ඇත.
මෙම පියවර පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ද සේරම් ප්පවසන්නේ, “සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යභාරය වන්නේ, රජයට ලැබිය යුතු හිඟ මුදල් අයකර ගැනීම මිස මත්පැන් මිල අඩු වැඩි කිරීම නොවන බවයි.
තවද සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් සමාගම්වලින් රුපියල් බිලියන ගණනක හිඟ මුදල් අයකරගෙන නොමැති බවද වෛද්‍ය ද සේරම් පෙන්වාදෙයි.
2024 ජූනි 30 වන විට, අකාර්යක්ෂමතාවයන් සහ මධ්‍යසාර සමාගම් සඳහා හිතකර බදු පැනවීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1.8 ක හිඟ සුරාබදු අහිමි වී ඇති බව වාර්තා වේ යැයි ඔහු සඳහන් කරයි.
“විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ මත්පැන් නිසා රටට ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් එහි අතුරු ප්‍රතිඵල ලෙස වැය වන බවයි. 2023 UNDP සමීක්ෂණයකින් හෙළිවූයේ ශ්‍රී ලංකාවේ මධ්‍යසාර ආශ්රිත සෞඛ්‍ය හා ආර්ථික පාඩු රුපියල් බිලියන 237ක් වන අතර මත්පැන් බදු ආදායම රුපියල් බිලියන 165.2ක් පමණක් බවයි.” යැයි ඔහු පෙන්වාදෙයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart