
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ නීපා (Nipah) වෛරස් රෝගීන් දෙදෙනකු හඳුනාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා පිළිබඳව රිජ්වේ ආර්යා රෝහල පැහැදිලි කිරීමක් කර තිබේ.
මෙම සමාජ මාධ්‍ය වාර්තා වලට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ රිජ්වේ ආර්යා රෝහලේ ළමුන් දෙදෙනකු නීපා වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටී.
ඊට ප්‍රතිචාර වශයෙන් ‘ඩේලි මිරර්’ වෙත අදහස් දක්වමින් රිජ්වේ ආර්යා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කිසිදු නීපා වෛරසයක් වාර්තා වී නොමැති බවයි.
මෙම අසත්‍ය වාර්තා හේතුවෙන් ජනතාව කලබලයට පත් නොවිය යුතු බව ඔහු අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාව සුපරීක්ෂාකාරීව සිටින බවත්, ඇතිවිය හැකි ඕනෑම තත්වයක් හැසිරවීමට පූර්ණ සූදානමින් සිටින බවත් වෛද්‍ය විජේසූරිය වැඩිදුරටත් සහතික කර තිබේ.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින්, විශේෂයෙන් සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් තොරතුරු නිවැරදි යැයි පිළිගැනීමට පෙර ප්‍රවේශම් සහගතව තහවුරු කරගන්නා ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart