
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු තම දරුවා මියගිය බවට කැලණිය දිප්පිටිගොඩ පදිංචි එම දරුවාගේ මාව්පියෝ චෝදනා කරති.
මෙලෙස මියගොස් ඇත්තේ හය හැවිරිදි පිරිමි දරුවෙකි.
පසුගිය 09වැනිදා දරුවා රෝහලට ඇතුළත් කර ඇත්තේ උණ රෝග තත්ත්වයකින් පෙළීම හේතුවෙනි.
කෙසේ වෙතත් ඔහුගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනාගෙන නොමැති බවට මාපියෝ චෝදනා කරති.
හුස්ම ගැනීමට අපහසුතාවක් පැමිණි නිසා සස්මිත නානායක්කාර නමැති මෙම දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
එහිදී දරුවා මියගොස් තිබේ.
වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ තුනක් දරුවාට ලබාදී ඇති බව මාපියෝ පවසති..
කෙසේ වෙතත් පසුව වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවාගේ පෙනහැල්ලක් හැකිළී තිබූ බවයි.
දරුවා ක්ෂය රෝගය වැළඳීමෙන් මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart