
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දා ගුවන් යානයක ව්‍යාපාරික පංතිය භාවිත කරමින් ඕස්ට්‍රේලියාවට යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන දැඩි ලෙස විවේචන එල්ල කර ඇත.
අනුර කුමාර දිසානායකගෙන් ටිකට්පත පිළිබඳ විමසුවහොත් එය “සහෝදරයෙක් ලබාදුන් බව” පවසනවා යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එසේම මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පවසයි.
“අපේ රටේ ආර්ථිකයේ කඩා වැටීමක් වුණා. අපි ඒක නිහතමානීව පිළිගන්නවා. හැබැයි ආණ්ඩුව පෙරළනවා නම් ජනතාවට එයට අයිතියක් තියෙනවා. අපේ දේපළ ඔක්කොම අහිමි කරපු ඝණ්ඨාරයේ මැද කෑල්ල ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා. ගිහිල්ලා තියෙන්නේ බිස්නස් ක්ලාස් එකේ. දැන් ඒක ඇහුවම කියයි ඒක දුන්නේ සහෝදරයෙක් කියල. ඇඳන් යන කලිසම ගැන ඇහුවත් සපත්තු දෙක ගැන අහුවත් ඒවා දුන්නේ සහෝදරයෙක් කියයි.’
හැබැයි ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා කියන්නේ බලන්න ලංකාවේ මිනිස්සුන්ට ගෙයක් හදන්න කම්බි නෑ සිමෙන්ති නෑ කියල. ඒවා ගණන් කියල. ‘මේ රට විනාශ කරපු ආර්ථික කඩාදාපු ගණන හදල බැලුවොත්, තව අධිවේගී මාර්ග දහයක් පහළවක් හදන්න පුළුවන්. අපිට තිබුණේ විදේශ විනිමය ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නයට ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය තමයි රට කරවන ඔක්කොගෙම හැමදේම විනාශ කරන එක.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart