
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේදීත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ජාතික පද්ධතියට එක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඇමැති කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, එම ක්‍රියා පටිපාටියට අදාළ දැන්වීම් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
2024 වසර ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන වසරක් බවට දැනටමත් පුරෝකථනය කර ඇති බැවින් පූර්වාරක්ෂාව ලෙස මෙම තීරණය ගත් බව ඇමැතිවරයා සඳහන් කරයි.
මේ වසරේ වර්ෂාපතනය ප්‍රමාණවත් නොවූ බැවින් විදුලිය නිෂ්පාදනය මෙගාවොට් පැය 3500-3750 පරාසයකට සීමාකිරීමට සිදු වූ බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, තාප විදුලිය භාවිතයෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සහතික කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart