
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තාක්ෂණයේ ඉහළටම ගිය චීනයෙන් දැන් ඇඟ කිලිපොලා යන, හැබැයි ඒ වගේම හිනායන ජාතියේ අමුතුම පුවතක් වාර්තා වෙනවා. ඒ තමයි චීනයේ පාරක් අයිනේ දණගහගෙන මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන, නැත්නම් “හිඟාකන” රොබෝ කෙනෙක්ගේ වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලයේ ලැව්ගින්නක් වගේ පැතිරෙන්න පටන් අරන් තියෙන එක.
හැබැයි මේක සාමාන්‍ය හිඟාකෑමක් නෙවෙයි. මේ මානවරූපී (Humanoid) රොබෝවරයා පාරේ යන එන්නන් දෙසට දෑත් දිගු කරමින් සල්ලි ඉල්ලන අතරේ, එයා ළඟින්ම QR කෝඩ් එකකුත් ප්‍රදර්ශනය කරලා තියෙනවා ඩිජිටල් ක්‍රමයට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න! ඒ විතරක් නෙවෙයි, “අනේ මගේ බැටරිය බහින්න ළඟයි, කරන්ට් බිල ගෙවන්න උදව් කරන්න” කියලා LED තිරයකත් දාලා තියෙනවාලු.
මේක දැකපු ලෝක වටේම ඉන්න නෙටිසන්ලා (Netizens) දැන් මේකට එක එක කතා කියන්න පටන් අරන්. සමහරු කියන්නේ “AI තාක්ෂණය ආවට පස්සේ රොබෝලටත් රස්සා නැති වෙලා හිඟාකන්න වෙලා” කියලායි. තවත් සමහරු බයට පත්වෙලා කියන්නේ, “ඉස්සරහට මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැති වෙයි, රොබෝලා හිඟමන් ටිකත් එකතු කරගනී” කියලායි.
මේ රොබෝව පාරට දැම්මේ කවුද, මොන අරමුණකින්ද කියලා තවම හරියටම හෙළිවෙලා නැහැ. හැබැයි චීනයේ සුපිරි රොබෝ සමාගමක් වන Unitree වගේ ආයතන මේ වගේ රොබෝලා හදන නිසා, මේක කාගේ හරි දඟකාර වැඩක් නැත්නම් ප්‍රචාරණ උපක්‍රමයක් වෙන්න ඇති කියලත් සැක කරනවා. කොහොම වුණත් මේ ‘හිඟන රොබෝ’ ලෝකෙම හොල්ලලා ඉවරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart